මෙරට ප්‍රධාන දෙපාර්තමේන්තුවට හොරු පනී.

Police
By Thaya Mar 09, 2021 05:13 PM GMT
Report

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ නව ප්‍රකාශන තැන්පත් කර තිබෙන අංශයෙහි දොරෙහි අගුල කඩා ඇති බවට කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ. ඒ සම්බන්ධයෙන් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නදීරා රූපසිංහගෙන් විමසූ අවස්ථාවේදී ඇය ප්‍රකාශ කළේ ​දොර අගුල කඩා ඇති මුත් දෙපාර්තමේන්තුව සතුව තිබෙන කිසිදු ලේඛනයකට හානියක් හෝ අස්ථාන ගතවීමක් සිදුව නැති බවකි. එම දෙපාර්තමේන්තුවේ අලුත්වැඩියා කටයුතු සිදුකරන පුද්ගලයන්ගේ භාණ්ඩ තබා තිබූ ස්ථානයේද අගුල කඩා ඇති බව වාර්තා වෙයි. මේ පිළිබඳව කුරුඳුවත්ත පොලිසිය විමර්ශන සිදුකරයි.