මුන් සල්ලිවලට ක‍්‍රිකට් කනවා.. ක‍්‍රිකට් අද පාලනය කරන්නේ බිරින්දෑවරුන්..- අවිශ්ක ගුණවර්ධන හෙලිදරවුවක.

Coriander
By Thaya Feb 06, 2021 06:49 PM GMT
Report

අද වන විට මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරන්නේ ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධන සඳහන් කරයි. ක්‍රිකට් අද ක්‍රීඩාවක් නොව ව්‍යාපාරයක් සහ මාෆියාවක් බවට පත්වී ඇතැයි ද ඔහු පවසයි. ක්‍රිකට් ක්‍රීඩාව අද කල්ලි කණ්ඩායම් කීපයක් අතට පත්වී ඇති බවත් පවසන ඔහු ක්‍රිකට් පාලනය කර ගත නොහැක්කේ ඒ සඳහා ක්‍රමවේදයක් නැතිකම නිසා සඳහන් කරයි. අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.