“මහජනතාව තුළ කොරෝනා එන්නත්කරණයට දැඩි උනන්දුවක්”
Covid-19
Corona Vaccine
By Thaya
මහජනතාව තුළ කොරෝනා මර්දන එන්නත්කරණය සදහා දැඩි උනන්දුවක් දකින්නට ඇති බව කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා පවසනවා. කොළඹ මහනගර සභා බලප්‍රදේශය ආශ්‍රිතව කොරෝනා මර්දන එන්නත්කරණය ස්ථාන කිහිපයකදී පැවැත්වුණා. මාධ්‍යයට අදහස් දක්වමින් වෛද්‍ය රුවන් විජයමුණි මහතා කියා සිටියේ මීට පෙර කොරෝනා ආසාදිතයින් වර්තා නොවූ ප්‍රදේශවලත් මේවනවිට අවදානම් තත්වයක් හටගෙන ඇති බවයි.