බටහිර පර්යන්තයේ ඇත්තේ මුහුද පමණයි.. ඉන්දියාව එය එපා කීම සාධාරණයි..- වරාය සභාපති

Western Province
By Thaya Feb 07, 2021 08:48 PM GMT
Report

කොළඹ වරාය බටහිර ජැටිය ඉන්දියාව විසින් එපා කීම සාධාරණ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපති දයා රත්නායක මහතා සඳහන් කරයි. ඉන්දියාව සහයෝගීතා ගිවිසුමක් අත්සන් කර ඇති බවත් මෙවැනි දෙයක් සිදු වූයේ පළමු වතාවට නොවන බවත් ඔහු පෙන්වා දෙයි. බටහිර පර්යන්තයේ ඇත්තේ මුහුද පමණක් යැයි ඉන්දියාව පවසා ඇතැයිද ඔහු කියා සිටියි. කෙසේ නමුත් නැගෙනහිර පර්යන්තයේද තිබුණේ මුහුද පමණක් බවත් එය වත්මන් තත්ත්වයට වරාය අධිකාරිය විසින් සංවර්ධනය කර ඇති බවත් ඒ විදිහටම බටහිර පර්යන්තය ද සංවර්ධනය කළ යුතු බවත් ඒ මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කළේ සති අන්ත පුවත්පතක් සමග සාකච්චාවකට එක් වෙමිනි.