ලක්ෂ 15ක නිමි ඇඳුම් සොරකමක්
katunayake
ajith rohana
theft readymade garments
reginal investment
By Sewvandhi
කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ නිමි ඇඳුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට අයත් ගබඩාවකින් රුපියල් ලක්ෂ පහළොවක් වටිනා නිමි ඇදුම් කට්ටල තොගයක් සොරකම් කර තිබෙනවා.
මෙලෙස අවස්ථා ගණනාවක දී මෙම ගබඩාවෙන් වරින් වර කාන්තා නිමි ඇදුම් කට්ටල 1079 සොරාගෙන ඇති බවයි මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.
එලෙස සොරාගත් නිමි ඇඳුම් කට්ටල අතරෙන් 162 මේ වනවිටත් සොයාගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ පරීක්ෂණ වලින් අනතුරුව මෙම නිමි ඇඳුම් සොරා ගැනීම පිළිබඳව සැකපිට එම කර්මාන්තශාලාවේ ම සේවය කරන සේවකයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |