බස් රථයකට ඉන්ධන හොරොකම් කළ තරුණයා..(VIDEO)
Petral shed
Kurunagala puththalama
By Aruna
ඉන්ධන පිරවුම්හළක සේවකයින් රවටා බස් රථයකට ඉන්ධන ලබාගත් සිද්ධියක් පිළිබඳ තොරතුරු වාර්තා විය.
කුරුණෑගල පුත්තලම පාරේ සමූපකාර ඉන්ධන පිරවුම්හළේ එම සිද්ධිය ඇතිව තිබුණි.
පිරවුම්හළේ සේවකයින් මෝටර් රථ සඳහා පෙට්‍රල් ලබාදීම සිදුකරමින් සිටියදී ඩීසල් ඉන්ධන ලබාදෙන පොම්පය ඔවුන්ට නොපෙනෙන ආකාරයෙන් බස්රථය නවතා මෙම ඉන්ධන සොරකම සිදුකර තිබුණි.
අදාළ බස් රථයෙන් බැස එන එක් පුද්ගලයෙකු ප්‍රථමයෙන් රුපියල් 4,000ක ඉන්ධන වංචා කර බස් රථයට ලබාගන්නා අතර පසුව මීටරය යළිත් සකසා සේවකයා පැමිණි පසු රුපියල් 2,000ක මුදලක් දී යළිත් ඉන්ධන ලබා ගැනීම සිදුකර තිබුණි.
ඒ බව අනාවරණය වී ඇත්තේ ඉන්ධන පිරවුම්හළේ ඇති CCTV කැමරා පරීක්ෂා කිරීමේදීය.
අදාළ බස් රථය මහනුවර - කුරුණෑගල මාර්ගයේ ධාවනය වන බස් රථයක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිළි කර තිබේ.