පුටුවක් මත මියගොස් සිටියදි හමුවූ තරුණයා
Police
By Thaya
මහර මල්වත්ත පාරේ නිවසක් ඉදිරිපිට මියගොස් සිටින පුද්ගලයකුගේ ඡායාරූපයක් මේ දිනවල සමාජ ජාල වල සංසරණය වෙමින් පවතී. කඩවත පොලිසිය මේ පිළිබඳව පැහැදිලි කරන්නේ මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණයා පපු ප්‍රදේශය අතගාමින් අසීරුවෙන් ගමන් කරන අයුරු ප්‍රදේශවාසීන් දැක තිබුණු බවයි. අනතුරුව ඔහු මාර්ගයෙන් නිවසක් ඉදිරිපිට තිබුණු පුටුවක් මත අසුන් ගැනීමෙන් මොහොතකට පසු මියගොස් ඇති බවයි සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශ කළේ. 34 හැවිරිදි මෙම තරුණයා කඩවත කෝපියාවත්ත ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිට ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. තවදුරටත් කඩවත පොලිසිය සඳහන් කරන්නේ තරුණයාගේ පිවිසියාක් පරීක්ෂණයක් දින පැවැත්වුණු බවයි එහි ප්‍රතිඵල හෙට දිනයේ නිකුත් වනු ඇති. මිය ගිය තරුණයාගේ මරණ පරීක්ෂණය හෙට දිනයේ දී සිදුකිරීමට නියමිතයි