මෙරට කාලගුණය වෙනස් වෙයි...වැස්ස සහ සුළඟ වැඩි වන ප්‍රදේශ මෙන්න.
Weather
By Thaya
ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (19) නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වේ. අද දිනයේ දී, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, දකුණු, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකිය. නැගෙනහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකිය. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්ද කරයි.