මෙරට කොරෝනා තුන්වැනි රැල්ල අතිභයානකයි..නිරෝගී පුද්ගලයන් ද මිය යයි.

Covid Corona Sri lanka Doctors
By Aruna May 03, 2021 01:14 AM GMT
Report

කොරෝනා තුන්වැනි රැල්ලේදී පැතිර යන වෛරස ප‍්‍රභේදය ආසාදනය වුවහොත් නිරෝගී පුද්ගලයෙකු වුවද මිය යා හැකි යයි ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය සදහන් කරයි.

කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා සදහන් කරන්නේ මින් පෙර කොරෝනා පලමු හා දෙවැනි රැලිවලදි මිය ගිය පුද්ගලයන් බහුතරය විවිධ රෝගාබාද තිබූ අය බවය.

මෙවර කිසිම රෝගයක් නැති තරුණ අයට වෛරසය ආසාදනය වී ශ්වසන අපහසුතා ඇති විමෙන් ඉක්මනින්ම මිය ගිය අවස්ථා ඇති බවත් ඒ මහතා පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... https://chat.whatsapp.com/H8zRFe7nQgnHU7t38H49Sa