අදත් කොටස් වෙළඳපොල විශාල ලෙස පහලට...

Stock Market
By Thaya Feb 23, 2021 05:16 PM GMT
Thaya

Thaya

Report

කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක අද දිනයේ පහත වැටීමක් පෙන්නුම් කළ අතර සමස්ත මිල දර්ශකය ඒකක 200.43 කින් පහත වැටී 7597.51 ක් ලෙස සටහන් වුණා. එය සියයට 2.75 %ක කඩා වැටීමක්. කොටස් වෙළඳපොලේ ප්‍රධාන පෙලේ සමාගම් විස්ස නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ඒකක 66.00 කින් පහත වැටී සටහන් වූයේ 3032.12 ක් ලෙසයි. එය සියයට 2.1%ක කඩා වැටීමක්. කොටස් වෙළඳපොලේ අද දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 2,3 ක් ලෙස සටහන් වුණා.