අදත් කොටස් වෙළඳපොල විශාල ලෙස පහලට...

Stock Market
By Thaya Feb 23, 2021 05:16 PM GMT
Report

කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක අද දිනයේ පහත වැටීමක් පෙන්නුම් කළ අතර සමස්ත මිල දර්ශකය ඒකක 200.43 කින් පහත වැටී 7597.51 ක් ලෙස සටහන් වුණා. එය සියයට 2.75 %ක කඩා වැටීමක්. කොටස් වෙළඳපොලේ ප්‍රධාන පෙලේ සමාගම් විස්ස නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ඒකක 66.00 කින් පහත වැටී සටහන් වූයේ 3032.12 ක් ලෙසයි. එය සියයට 2.1%ක කඩා වැටීමක්. කොටස් වෙළඳපොලේ අද දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 2,3 ක් ලෙස සටහන් වුණා.