මෙරට වයස්ගතම කාන්තාව අවුරුදු 117ක් ආයු වැළදීමේ රහස මෙන්න.

Oldest Women
By Thaya Jan 02, 2021 06:22 AM GMT
Thaya

Thaya

Report

මෙරට වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන පාපත්ති වේලු මාතාව ඊයේ අභාවප්‍රාප්ත වුවා.

මියයන විට ඇය අවුරුදු 117ක් ආයු වළදා තිබුණා.

මෙම කාන්තාව දිගු කලක් ආයු විදීම සම්බන්ධයෙන් ඇය ජීවත්වූ කළුතර, දොඩංගොඩ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අදහස් දක්වමින් කියා සිටියේ මැය නිතරම ප්‍රීතියෙන් කල් ගෙවීමට කැමති කාන්තාවක් බවට නිවැසියන් මෙන්ම අසල්වැසියන් ප්‍රකාශ කර තිබෙන බවයි.

එමෙන්ම මෙම කාන්තාව කොස්, ගොටුකොල සහ ස්වභාවිකව වවනු ලබන එළවළු පරිභෝජනයට ගැනීමට රුචියක් දැක්වූ බව ද ප්‍රදේශවාසින් මෙන්ම නිවැසියන් සඳහන් කළ බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.