ඔරිජිනල් පොහොට්ටු මන්ත‍්‍රීවරුන්ට වැඩිපුර සලකනවා.. විමල් තවම සමාව ගත්තේ නෑ..

Wimal
By Thaya Feb 22, 2021 07:17 PM GMT
Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) පාර්ලිමේන්තු කණ්ඩායම ඉදිරියේ දී තම දේශපාලන අනන්‍යතාවය ආරක්ෂා වන ආකාරයට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි.

ඉදිරියේදී ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය ආරක්ෂා කර ගන්නා නමුත්, පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තම පක්ෂයට වැඩි අවධානයක් යොමු කිරීමටත්, ඉදිරි දේශපාලන කටයුතුවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමටත් බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.

අමාත්‍ය විමල් වීරවංශ සිදු කළ ප්‍රකාශය ගැන සමාව ඉල්ලන ලෙස තමා ඉල්ලීමක් කලත් ඔහු එය නොකර වෙනත් දේවල් කියමින් සිටි නමුත්, ඉදිරියේදී ඒ ගැන නැවත නැවත කතා කිරීමට බලාපොරොත්තු නොවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.