පස්සර ජාතික පාසැලේ කොවිඩ් ආසාදිත සිසුන් සංඛ්‍යාව ඉහළට

Covid-19
By Thaya Jan 25, 2021 07:18 PM GMT
Report

පස්සර ජාතික පාසැලේ කොවිඩ් ආසාදනය වූ සිසුන් සංඛ්‍යාව 15 දක්වා ඉහල ගොස් ඇතැයි කොවිඩ් ව්‍යාප්තිය වැලැක්වීමේ බදුල්ල දිස්ත්‍රික් කමිටුව පවසයි.

ආසාදිත සිසුන් මේ වන විට ප්‍රතිකාර සදහා යොමු කර තිබේ.

මේ තත්වය මත අද (25) දිනයේ කිසිදු සිසුවෙක් පාසැලට නොපැමිණි අතර ගුරුවරුන්ගේ පැමිණීමද පහළ මට්ටමක පැවැතින .

ඉදිරි ක්‍රියාමර්ගයන් පිළිබදව සාකච්ජා කිරීම සදහා ඌව පළාතේ සෞඛ්‍ය හා අධ්‍යාපන බලධාරින් එම විදුහලට පැමිණ සාකච්ජාවක් සිදු කළහ .