දළදා මාලිගාවේ දිය අගලේ කොටසක් කඩා වැටෙයි...විශාල කොටසක් කඩා වැටීමේ අවධානමක.

Religion Kandy
By Thaya Jan 09, 2021 08:50 AM GMT
Thaya

Thaya

Report

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දිය අගලේ ආරක්ෂිත බැම්මේ විශාල කොටසක් අධික වර්ෂාව හේතුවෙන් කඩා වැටී තිබෙනවා.

මාලිගාවේ ශ්‍රී විෂ්ණු දේවාලය ආසන්නයේ ඇති මෙම දිය අගලේ මීටර 10ක පමණ කොටසක් මෙසේ කඩාවැටී ඇත.

එමෙන්ම තවත් විශාල කොටසක් කඩා වැටීමේ තර්ජනයට ලක් වී තිබේ.

දළදා මාළිගාවේ දියවඩන නිළමේවරයා සඳහන් කරන්නේ මේ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු සියලූ අංශ දැනුවත් කර ඇති බවයි.

එය පිලිසකර කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් ඇතැයිද ඔහු ප්‍රකාශ කළා.