යුද්ධය අවසන් කළ මහින්ද ගෝඨාභය සුසංයෝගය කිසිසේත් මෙරට ජාතික සම්පත් විකුණන්නේ නැහැ.
යුද්ධය අවසන් කළ මහින්ද, ගෝඨාභය සුසංයෝගය කිසිසේත් මෙරට ජාතික සම්පත් විකුණන්නේ නැති බවත්, වරාය නැගෙනහිර ජැටිය විකිණීමට හෝ බදු දීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
මහින්ද ගෝඨාභය සුසංයෝගය මෙරට ජනතා අපෙක්ෂාවන් බිද නොදමන බව සහතික යැයි අවධාරණය කරන ඇමතිවරයා විපක්ෂය මේ වන විට රට තුළ බොරු වපුරමින් ආණ්ඩු විරෝධී රැල්ලක් නිර්මාණය කර ගැනීමේ කුමන්ත්‍රණයක යෙදී සිටින බවත් 2015 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බිද දැමීම සදහාද ක්‍රියාත්මක වූයේ මේ හා සමාන කුමන්ත්‍රණයක් බවත් පෙන්වා දෙයි.
මිනුවන්ගොඩ ගම්පහ විකල්ප මාර්ගයේ වසර 100 ක් පමණ පැරණි පාලම් ත්‍රිත්වය ඉදි කිරීමේ කටයුතු ආරම්භ කරමින් ඊයේ (30) පැවති උත්සවයකදි ඇමතිවරයා මේ බව සදහන් කලේය.
මිනුවන්ගොඩ සිට පන්සිල්ගොඩ හරහා ගම්පහ දක්වා දිවෙන මෙම විකල්ප මාර්ගයේ ප්‍රවේශ පාලම් තුන ඉදි කර තිබුනේ මීට වසර 100 පමණ පෙරයි. එම පාලම් තුනම අබලන් වී තිබූ අතර එහි කිසිදු ප්‍රතිසංස්කරණ කටයුත්තක්ද සිදු ව තිබුනේ නැත. මාර්ගය පටු වීම නිසා බස් රථ ධාවනයද නතර වී තිබුනි. ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ඉල්ලීමකට අනුව මෙම පාලම් තුන ඉදි කිරීම සදහා ග්‍රාමීය මාර්ගය හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය ඇමති නිමල් ලාන්සා මහතා විසින් රුපියල් මිලියන 88 ක් (ලක්ෂ 880 යි) මුදලක් මේ සදහා වෙන් කර තිබුනි. ඉදිකිරීම් මාස 6 කින් අවසන් කිරීමට නියමිතයි. පාලම් තුන වාහන දෙකක් මාර්ගයේ හැකි ලෙස පුලුල් කෙරේ ඉතා පටු මෙම මාර්ගයේ මුල් කොටස පුලුල් කිරීමටද මේ අනුව පියවර ගැනේ.
ග්‍රාමීය මාර්ග අවශේෂ යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,
අපේ ඉලක්කය තමයි වසරක් තුල ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 25000 ක් කාපට් කිරීම ජනාධිපතිතුමාගේ පොරෝන්දුව වුනේ මේ වසර 05 තුල ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමයි අපි ඒ ඉලක්කය සපුරන්න සුදානම් මේ වසරේ ග්‍රාමීය පාලම් 1000 ක් ඉදි කරනවා වසර 05 තුල ග්‍රාමීය පාලම් 5000 ක් ඉදි කිරීම ආණ්ඩුවේ ඉලක්කයයි මේ වන විට ලංකාව පුරා ග්‍රාමීය මාර්ග කිලෝමිටර් 12,000 කට වැඩියෙන් අපි වැඩ ආරම්භ කර තියෙනවා.කොරෝනා නිසා අපි බලාපොරොත්තු වූ වේගයෙන් යන්න බැහැ නමුත් ආණ්ඩුවේ සංවර්ධනය නතර කරන්න කිසිදු බලවේගයකට ඉඩ තබන්නේ නැහැ. පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වාත් කොළඹ සිට සංගමන්කණ්ද තුඩුව දක්වාත් අපි රජය සංවර්ධනය එක ලෙස ක්‍රියාත්මක කරනවා.
මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල, නගර සභාවේ සභාපති නීල් ජයසේකර යන මහත්වරුන්ද මෙහිදි කථා කලහ.