කප්පන් කරුවන්ට විරුද්ධව නීතිය තදින් ක්‍රියාත්මකයි....
පෞද්ගලික බස්රථවලින් කප්පන් ගන්නා පිටකොටුව බැස්ටියන් මාවතේ වේලාසටහන් කරුවන් තිදෙනකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (25) අත්හිටවු බව බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පවසයි.
මින් ඉදිරියට කිසිදු වේලා සටහන් කරුවකුට පෞද්ගලික බස්රථ රියදුරු කොන්දොස්තර මහතුන් කප්පන් ලබා නොදිය යුතුයි. වේලාසටහන් කරුවන් සදහා ඔවුන් කරන සේවයට රුපියල් හතළිස් දහසක වැටුපක් ගෙවනවා . කප්පන් මාෆියාව නතර කිරීම සදහා පිටකොටුව බැස්ටියන් මාවතේ වේලාසටහන් කරුවන්ගේ ප්‍රධානියාවටද මේ වනවිට ස්ථාන මාරු කර තිබේ.
බොහෝ බස් සංගම් සමග පසුගියදා සිදු කළ සාකච්ජාවකදී ධාවනය වන බස් රථ වලින් කප්පම් ගන්නා බවට අනාවරණය විය. පෞද්ගලික බස්රථ රියදුරු කොන්දොස්තර මහතුන් දිනපතාම වේලාසටහන් කරුවන්ට කප්පන් ලබාදීමටද පුරුදු වී තිබේ. මොවුන් කප්පන් ලබාදෙන නිසා වේලාසටහන් කරුවන් මුදල් ලබා ගැනීමට පුරුදු වී ඇත.
මෙයට විසදුමක් ලෙස මේ වනවිට බස්නාහිර පලාතේ (කොළඔ ,ගම්පහ හා කළුතර) සිටින වේලාසටහන් කරුවන් සියළුම දෙනා ස්ථාන මාරු කර තිබේ.
එම නිසා මින් ඉදිරියට බස්රථ හිමියන් ,රියදුරු කොන්දොස්තර මහතුන් කිසිදු වේලාසටහන් කරුවකුට කප්පන් ලබාදිය යුතු නැතැයිද ,එවැනි සිද්ධියක් වාර්තා වුවහොත් තරා තිරම නොබල නීතිය ක්‍රියාත්මක කරන බවද ප්‍රසන්න සංජීව මහතා වැඩි දුරටත් පැවසුවේය.
