රැකියාවක් ලැබීමේ ප්‍රීතිය මරණ දෙකකින් කෙළවර වෙයි

Death
By Thaya Feb 02, 2021 06:33 PM GMT
Thaya

Thaya

Report

කැලණි ඟගේ දිය නෑමට ගිය තරුණයින් සිව් දෙනෙකුගෙන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ. ඊයේ (01) සවස කැලණි ඟගේ නවගමුව මාපිටිගම පාළම අසල එම තරුණයින් දිය නාමින් සිටියදී එම අනතුරට මුහුණ දී තිබේ. නාවික හමුදා කිමිදුම්කරුවන් අද (02) උදෑසන මියගිය දෙදෙනාගේ සිරුරු සොයාගෙන තිබුණි.

මියගොස් ඇති එක් තරුණයෙකු ඊයේ (01) රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වී ඇති අතර එයින් සමත්වීමේ ප්‍රීතිය හේතුවෙන් මිතුරන් සමග කැලණි ඟගේ මාපිටිගම පාළම අසල මත්පැන් සාදයක් පවත්වා තිබේ. ඉන් අනතුරුව පිරිස දිය නෑමට ගොස් සිටි අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇත.

මිතුරන් දෙදෙනෙකු දියේ ගිලෙමින් සිටි අවස්ථාවේ අනෙක් මිතුරන් දෙදෙනාට ගං ඉවුරේ නින්ද ගොස් තිබූ බවද පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ රනාල නවගමුව සුදවිල පාර ප්‍රදේශයේ පදිංචි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සුපරීක්ෂකවරයෙකු ලෙස සේවය කළ උදිත සංජිය මුණසිංහ නැමති 27 හැවිරිදි තරුණයෙකු සහ ගලේවෙල දකුණු වාසලකෝට්ටේ මැදබැද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි සඳරංග චිරාන් නැමැති 19 හැවිරිදි තරුණයෙකි