ආසාදිහයන් වාර්ථා වීමේ වෙනසක් කොළඹින් අඩු වෙද්දි තවත් දිස්ත්‍රික්කයකින් වැඩි වේ

corona
By Thaya Jan 12, 2021 07:45 PM GMT
Report

ඊයේ දිනයේ දී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 535 දෙනා අතුරින් වැඩිම ආසාදිතයින් ගණනක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වි ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන ආසාදිතයින් ගණන 148ක්.

කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් නාරාහේන්පිට ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙන අතර එම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 30ක්.

මීට අමතරව බොරැල්ල, බ්ලුමෙන්ඩල්, මට්ටක්කුලිය හා අවිස්සාවේල්ල යන ප්‍රදේශවලින් ද වැඩි වශයෙන් ආසාදිතයින් හඳුනාගෙන ඇත.

මේ අතර ඊයේ දිනයේ දී මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 111ක් වාර්තා වී ඇත. මිට අමතරව කෑගල්ලෙන් 64ක්, ගම්පහ 59ක්, රත්නපුරයෙන් 31ක්, මාතර 28ක්, කළුතරින් 20ක්, මඩකලපුවෙන් 19ක්, කුරුණෑගල හා මාතලෙන් 11ක්, ත්‍රිකුණාමලය 8ක්, ගාල්ලෙන් හා අනුරාධපුරයෙන් 5ක්, මොනරාගල 4ක්, නුවරඑළියෙන් 3ක්, පොළොන්නරුව හා අම්පාරින් දෙදෙනෙක් හා යාපනයෙන් හා මුලතිව් යන දිස්ත්‍රික්කවලින් එක් ආසාදිතයා බැගින් වාර්තා වී තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 59 දෙනෙක් වාර්තා වී ඇත. සීදුව ප්‍රදේශයෙන් 09ක්, කඩවත 06ක්, කිරිබත්ගොඩ 08ක්, මීගමුව 05ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත/

ඊයේ දිනය අවසානය වන වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 47,839ක් වන අතර 40,837ක් පූර්ණ සුවය ලබා තිබේ.