බිරිඳගේ ගෙල කපා ඝාතනය කර සැමියා පොලිසියට බාර වෙයි

Murder
By Thaya Jan 31, 2021 06:03 PM GMT
Report

සිය බිරිඳගේ ගෙල කපා ඝාතනය කිරිමෙන් පසු සැකකාර ස්වාමිපුරුෂයා පොලිසියට බාර වු පුවතක් ගිනිගත්හේනෙන් වාර්තා විය.කාලයකට සිට මියගිය කාන්තාව හා සැමියා අතර ගැටුම් පැවති බවත්, ඉකුත් (27) දා සවස නිවසේ ඇතිවු බහින් බස් වීමක් දුරදිග යාමත් සමග සැමියා බිරිඳගේ ගෙලට පහර දී ඝාතනය කර නිවසෙන් නික්ම ගිය බවත් වාර්තා විය.ඝාතනයෙන් අනතුරුව ඊයේ (28) රාත්‍රියේ ගිනිගත්හේන පොලිසියට බාර වී ඇති බව පොලීසිය පවසයි.