ශ්‍රී ලංකාවට ලැබී ඇති විශාල වස්තුව.. වටිනා කමට මිලක් නැහැ..රටට සෙතක් වේවිද? පරීක්ෂණ කඩිනම් කෙරේ

Sri Lanka
By Thaya Jan 13, 2021 06:35 PM GMT
Thaya

Thaya

Report

සේරුවාවිල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති රත්රන්, යපස් හා තඹ සහිත බව කියන ඛනිජ නිධිය සම්බන්ධයෙන් පුළුල් ගවේෂණයක් කිරීමට පරිසර අමාත්‍යාංශය විසින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් දී තිබෙනවා.

අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියාසිටියේ 1970 වසරේදීද මෙම කලාපයේ ගවේෂණයක් සිදුකර ඇති බවයි.

දැනට හඳුනාගෙන ඇති පරිදි මෙම නිධියට අයත් ඒකකවලින් සියයට 90 ක් පමණ ඇතුළත් වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටයි.

එබැවින් මේ සම්බන්ධව අනුගමණය කළ හැකි ගවේෂණ ක්‍රමවේදය පිළිබඳ වාර්තාවක් අද දිනය තුළ ලබා දෙන ලෙස තමා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් දුන් බවද ජාසිංහ මහතා සඳහන් කලා.

ඒ අනුව විද්‍යාත්මක ක්‍රමවේදයක් මත සිදු කරන ගවේශණයක් මත මෙම නිධියේ කොපමණ ප්‍රමාණයන් ඛනිජ වර්ග අන්තර්ගත වන්නේ ද යන්න කිව හැකි බවයි ලේකම්වරයා ප්‍රකාශ කලේ.