පුද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් රජයේ නව ස්ථාවරය.

Government
By Thaya Jan 13, 2021 06:38 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් ඇති වී තිබෙන අර්බුදය හමුවේ පුද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එකඟ වූ සහන කාලසීමාව 2021 මාර්තු මස 31 දා දක්වා දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

බල ශක්ති ඇමැති ,සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා ඊයේ(12) කැබිනට් මාධ්‍ය හමුවට එතක්වෙමින් පැවැසූවේ ,කොවිඩ් – 19 ව්‍යාප්තිය හේතුවෙන් සංචරණ හා ගුවන් සීමා පැනවීම මත සංචාරක ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බව ද සැලකිල්ලට ගෙන, එම ක්ෂේත්‍රයේ අදාළ ආයතනවලට සහ කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් සිය කටයුතු පවත්වාගෙන යාමට නොහැකි වී ඇති අනෙකුත් ක්ෂේත්‍රයන්ට අදාළ ආයතනයන් සඳහා ද මෙම සහනයන් තවදුරටත් ලබා දීමට කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි.

කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් ඇති වී තිබෙන අර්බුදය හමුවේ පුද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන්, සේවා යෝජකයින්, සේවක වෘත්තීය සමිති, ජාතික කම්කරු උපදේශක සභාව, කම්කරු අමාත්‍යාංශය සහ කම්කරු දෙපාර්තමේන්තුවේ සහභාගිත්වයෙන් ස්ථාපිත කර ඇති කාර්යසාධක බලකායේ රැස්වීමකදී, සේවකයින්ගේ රැකියා අහිමි නොකර පවත්වා ගැනීම, සෑම සේවකයෙකුටම සේවය කිරීමට හැකි වන අයුරින් සමානුපාතිකව අවස්ථාව ලබා දීම, සේවකයින් නිවෙස්වල රැඳී සිටිය යුතු වන්නේ නම් අවසාන වරට සම්පූර්ණ වැටුප ගෙවන ලද මාසික වැටුපෙන් 50%ක් හෝ රුපියල් 14,500/-ක මුදලින් වඩා වාසිදායක මුදල ලබා දීම සහ එම වැටුප සඳහා සේවායෝජක විසින් සේවක අර්ථසාධක අරමුදලට හා සේවක භාරකාර අරමුදලට දායක මුදල් ගෙවීම යනාදී සහන 2020 දෙසැම්බර් මස 31 දින දක්වා ලබා දීමට මෙයට පෙර එකඟතාවන් ඇති කරගෙන තිබිණි.