පුතා සපා කෑවයි උරණ වූ පියා බල්ලාට වෙඩි තබා මරලා

Dog
By Thaya Jan 16, 2021 06:34 PM GMT
Report

ගල්කිරියාගම දඹුලුගල්ල වැව ප්‍රදේශයේ නිවසක මඩුවක් තුළ බැඳ දමා තිබූ නිවසේ ඇතිදැඩි කළ සුනඛයකුට පෙරේදා (13 වැනිදා) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයන් ගල්කිරියාගම පොලිසිය අත්අඩංගුවට ගනු ලැබීය. සුනඛයා ඇති දැඩි කළ නිවැසියන් විසින් ඒ සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිස් ස්ථානයට පැමිණිලි කිරීමෙන් පසු සැකකරු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු දඹුලු හල්මිල්ලවැව ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි.