පාසල් ගේට්ටුව අසලට ආ අලියා කල ප්‍රහාරය

Elephant
By Thaya Mar 29, 2021 07:12 PM GMT
Thaya

Thaya

Report

Iපොළොන්නරුව, දෙහිඅත්තකණ්ඩිය, සඳගලතැන්න ප්‍රදේශයේ දී වන අලියෙකුගේ ප්‍රහාරයකට ලක්වූ මවක් සහ පුතෙකු තුවාල ලබා අද (29) උදෑසන දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අද උදෑසන 6:45ට පමණ පාසල් ගේට්ටුව ආසන්නයේදී මොවුන් දෙදෙනා වන අලියාගේ ප්‍රහාරයට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස වන අලියාගේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ සඳගලතැන්න විද්‍යාලයේ දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දරුවෙක් සහ ඔහුගේ 25 හැවිරිදි මවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අරලගංවිල පොලිසිය මඟින් සිදුකරනු ලබනවා.