රුපියල් ලක්ෂ 95ක මත්ද්‍රව්‍ය සොයා ගැනේ

ajith rohana heroin modara drugs found hash drugs
By Sewvandhi May 17, 2021 01:26 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අයිස් මත්ද්‍රව්‍ය, හෙරොයින් සහ හෑෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු මෝදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඉන් එක් අයෙක් කාන්තාවකි. ඇය සතුව තිබී අයිස් ග්‍රෑම් 250ක්, හෙරොයින් ග්‍රෑම් 500ක් සහ හෑෂ් කිලෝග්‍රෑම් 1ක් හමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසුවේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 95ක් බවය.

මෝදර පොලීසියේ නිලධාරීන් අද (17) දහවල් අදාළ ප්‍රදේශයේ රාජකාරී කටයුතුවල නිරතව සිට ඇති අතර එම අවස්ථාවේ පැමිණි ත්‍රීරෝද රථයක් එලෙස පරීක්ෂාවට ලක්කර තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now