ඩුබායි සිට තැපෑලෙන් ආ මත්ද්‍රව්‍ය

Police Dubai Drug
By Thaya Mar 26, 2021 05:45 PM GMT
Thaya

Thaya

Report

ඩුබායි සිට ගුවන් මගින් එවූ මත්ද්‍රව්‍ය සහිත පාර්සල් දෙකක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිය භාරයට ගෙන තිබෙනවා. ව්‍යාජ නම් සදහන් කරමින් ඉන් එක් පාර්සලයක් ඉකුත් දෙසැම්බර් 27 වනදා මෙරටට එවා ඇති බවයි අනාවරණ වී ඇත්තේ.එහි ගංජා මිශ්‍ර කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 27 ක් සහ කුෂ් ඔයිල් ග්‍රෑම් 38 ක් තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.මත්පෙති 4,962 ක් අඩංගු තවත් පාර්සලයක් ද ඩුබායි සිට ඉකුත් ජනවාරි මස 4 වනදා මෙරටට එවා තිබෙනවා.එම පාර්සල් ලබාගැනීමට බලාපොරොත්තු වූ පුද්ගලයින් සොයා විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ.