ඉදිරි මාස තුන හතර ඇතුළත මිලියන 22 ක ජනතාවටම කොවිඩ් එන්නත් ලබා දෙමින් රට සාමාන්‍ය පරිදි ....

Covid Vaccine
By Thaya Feb 07, 2021 08:48 PM GMT
Thaya

Thaya

Report

ඉදිරි මාස තුන හතර ඇතුළත මිලියන 22 ක් වූ ජනතාවට එන්නත්කරණ කටයුතු සිදුකරමින් රට සාමාන්‍ය පරිදි විවෘත කිරීම රජයේ අරමුණ බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය. රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ (06) දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිව් දෙස සුරැකි සිව් වසර තේමාව යටතේ පැවති වත්තල කාන්තා සම්මේලනය අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,“රට විවෘත කරමින් කොවිඩ්වලින් ආරක්ෂා වෙමින් අපේ දෛනික කටයුතු පවත්වාගෙන යා යුතුයි.

මොකද වෛද්‍ය විශේෂඥවරුන් කියනවා කොවිඩ් එකේ බලපෑම තව අවුරුදු 3 ක් පමණ තියෙයි කියලා. ඒ හින්දා රට විවෘත නොකර කිසි දෙයක් නොකර හිටියොත් රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් බිද වැටේවී. ජනතාවගේ ආර්ථිකය බිද වැටේවී. රට විශාල ණය උගුලක හිර වේවී. ඒනිසා අපි මෙයට සාර්ථකව මුහුණ දීමටනම් රට විවෘත කළ යුතුයි.

ජනතා කේනද්‍රීය වැඩපිළිවෙලක් තුළින් ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නංවාලීම හා කාන්තාවන් ව්‍යවසායකයින් ලෙස සවිබල ගැන්වීම සඳහා වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරලීමේ අරමුණින් මෙවර අයවැයෙන් යෝජනා රැසක් ක්‍රියාවට නංවා තිබෙනවා. රට හදන "සෞභාග්‍යයේ දැක්ම" වැඩසටහන ඉදිරි සිව් වසර තුළ යථාර්ථයක් කිරීමේ අරමුණින් වත්මන් රජය කටයුතු කරනවා. එම නිසා කොවිඩ් බලපෑම තිබියදීත් රටේ සංවර්ධන කටයුතු දීප ව්‍යාප්තව සිදු කරමින් තිබෙනවා. සංචාරක ව්‍යාපාරය ආරම්භ කරමින් යුක්රේන සංචාරකයෝ ගෙන්වනකොට ගණිකාවෝ ගෙන්වනවා කියලා විපක්ෂය කාන්තාවන්ට අපහස කළා. කාන්තාවන්ට අගෞරව කරන්න හොඳ නැහැ. විපක්ෂය යුද්ධය ඉවර කරන්න බැහැ කියලා කීවා. යුද්ධය ඉවර කළා. කොවිඩ් එක පාලනය කරන්න බැහැ කියලා කිව්වා. කොවිඩ් එක පාලනය කළා. අපේ රට පුංචි රටක් වෙලත් ලෝකයේම කොවිඩ් පාලනය අතින් 10 වෙනි තැනට ආවා“ යැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

GalleryGallery