බ්‍රහස්පතින්දා සිට සංචාරකයින්ට රට විවෘතයි -සංචාරක ඇමති

Tourists
By Thaya Jan 19, 2021 09:57 AM GMT
Thaya

Thaya

Report

ජනවාරි මස 21 වන දින සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන්ට රට විවෘත කිරීමට සියල්ල සූදානම් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පැමිණෙන සංචාරකයන්ගෙන් සමාජයටත්, සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ් - 19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ගතයුතු සියලු පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

අද (18) මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, සංචාරකයන්ට රට විවෘත කිරීම සිදුකරනු ලබන්නේ, සංචාරක ව්‍යාපාරයේ සෘජුව හා වක්‍රව යැපුණු ලක්ෂ 30කට ආසන්න පිරිසක්ව පත්ව ඇති පීඩාව සලකා බලා බවය.

සංචාරක අමාත්‍යාංශය විසින් මේ පිළිබඳ නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.