රජයට රට භාර දී ඇති තාවකාලිකවයි.. බූදල් සේ විකිණීමට අවසර දී නෑ.. විරුද්දව නැගී සිටින්න..- අගරදගුරුගෙන් දැඩි ප‍්‍රහාරයක්…

Government
By Thaya Jan 11, 2021 08:14 AM GMT
Thaya

Thaya

Report

මහා ලොකුවට ඔලුව උඩ තියාගෙන සිටියද සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාවට සිදු වූ සෙතක් නැතැයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් සඳහන් කරති.

සංචාරකයන් ගෙන්වා ගැනීමට වඩා රටේ සිටින ජනතාවගේ ඕනෑ එපාකම් පිරිමහ ගැනීම රජයේ වගකීම විය යුතු යැයි ද උන්වහන්සේ කියා සිටිති.

එසේ නැතුව පිට රට වල මිනිසුන් ගෙනැවිත් හැමතැනම පිරවීම් ඉතාමත් පටු චේතනාවක් යයිද උන්වහන්සේ චෝදනා කරති.

මේ රට රජයට භාර දී ඇති තාවකාලික බවත් කැමති දෙයක් කරන්න බූදලයක් සේ අයිතිය ලබාදී නැතැයිද උන්වහන්සේ කියති.

පෞද්ගලික බූදල් සේ විකිණීමට බදු දීමට කිසිවෙකුට අවසර නැතැයිද රදගුරුතුමන් කීහ.

වනජීවී පුවරු ගලවා දමා පුද්ගලික සමාගම් ලෙස පුවරු සමි කර ඇති ඉඩම් නැවත රජයෙ ගන්නා ලෙසද කී උන්වහන්සේ එය නොකරන්නේ නම් ඊට විරුද්ධව නැගී සිටින ලෙසද ඉල්ලා ජනතාවගෙන් ඉල්ලා සිටියහ.

මාධ්‍ය හමුවක් අමතමින් එහිමියන් මෙම අදහස් පල කලහ.