කැබ්රථ රියදුරාට දිවි අහිමි කළ අනතුර
Accident
By Thaya
යාපනය, නෙල්ලිඅඩි ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මාර්ගයේ ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් නවතා තිබු ලොරි රථයක හා වෙළෙඳසැළක ගැටී අද (28) අලුයම එම අනතුර සිදුව තිබුණි.
අනතුරින් මියගොස් ඇත්තේ කැබ් රථයේ ගමන්ගත් යාපනය, නෙල්ලිඅඩි ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
නෙල්ලිඅඩි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි