පුංචි ලෝකාන්තයේ අතුරුදන් වූ පුද්ගලයාගේ මෘතදේහය සොයාගනී

Missing person
By Thaya Feb 09, 2021 10:05 PM GMT
Thaya

Thaya

Report

බදුල්ල - මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් පසුගියදා අතුරුදන් වූ දිනුර විජේසුන්දර නම් අයගේ මෘතා දේහය සොයාගෙන තිබෙනවා. පුංචි ලෝකාන්තයේ පහල කොටසේ ගල්පරයක සිරවී තිබියදී ඔහුගේ දේහය මෙසේ සොයාගෙන ඇති බවයි යුධ හමුදාව පවසන්නේ. පුද්ගලයන් 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කඳවුරු චාරිකාවක නියැළී සිටියදී මඩොල්සිම පුංචි ලෝකාන්තයේ දී 6 වන සෙනසුරාදා රාත්‍රීයේ පුද්ගලයෙකු අතුරුදන් වුනා. මහ වැස්ස හා දැඩි මීදුම නිසා පිරිස අතරමංවීමෙන් පසු ඔවුන් පැමිණි වාහනයට වෙන්වෙන්ව ගමන්කරන ලද පිරිස අතර එක් අයෙකු අඩු බව දැනගැනීම සමග මෙම අතුරුදන්වීම හඳුනාගන්නට ලැබී තිබුනා.

වෛද්‍යවරුන් 6 දෙනෙකුද මෙම කණ්ඩායමට එක්ව සිටි බව පැවසේ. අතුරුදන් පුද්ගලයා මුංහේන මග්ගොන කලුතර පදිංචි දිනුර විජේසුන්දර (34) නැමැත්තෙක්. පසුව වාර්තා වූයේ ඔහු මහරාජා මාධ්‍ය ජාලයේ විඩියෝ ඇනිමේෂන් නිර්මාණ ශිල්පියෙකු බවයි. ඔහු සොයා ගැනීමට මඩොල්සිම , බිබිල සහ ලුනුගල පොලිසි ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් අරඹා ඇති අතර යුද හමුදාව ද කැඳවා තිබුණා. පුංචි ලෝකාන්තය නැරඹීමට පැමිණ එහි රාත්‍රිය ගත කිරීමේදී මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණපා තිබෙනවා. 07 ඉරිදා සන්ධ්‍යාව වනවිටත් ඔහු හමුවී නැත. මීදුම් තත්ත්වය හේතුවෙන් මෙහෙයුමට බාධා ඇතිවූ අතර එය 08 වනදාටද කල් දැමීමට සිදුවුනා.


GalleryGalleryGallery