ශ්‍රී ලංකාවේ විශාලතම COVID ප්‍රතිකාර පහසුකම යුද හමුදාව විසින් ඉදිකරන ලදි(VIDEO)/(PHOTOS)
ශ්‍රී ලංකා හමුදාව විසින් ඉදිකරන ලද විශාලතම COVID-19 ප්‍රතිකාර රෝහල සීදුව ප්‍රදේශයේ නිම වෙමින් පවතිනවා.
වාර්තාවලට අනුව ඉදිරි පැය 24 තුළ රෝහලේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිත අතර එය කොවිඩ් වෛරස් ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගැනෙනවා.
හදිසි වෛද්‍ය පහසුකම, හුදකලා වාට්ටු කිහිපයකින් සමන්විත වන අතර ඕනෑම වේලාවක රෝගීන් 1,200 ක් පමණ සිටිය හැකි ලෙස මෙය නිර්මාණය කර තිබෙනවා.
මෑතකදී ශ්‍රී ලංකා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවති රැස්වීමකදී කියා සිටියේ යුද හමුදාව රෝහල් සඳහා නව ඇඳන් 10,00,0 ක් ලබා දෙන බවත්, ඒ හා සමානවම යුද හමුදා සේවා වනිතා ඒකකය විසින් ගොඩනැගිල්ලක් රැකවරණ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමෙන් තවත් ඇඳන් 1200 ක් ලබා දෙන බවයි.
එම රෝහලේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙන ආකාරය ගැන කෙටි විඩියෝවක් මේ වන විට නිකුත් කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....