බර අඩුකර ගන්න ‍හොඳ ම ආහාර ....

diet healthy food
By Kanagasooriyam Dec 27, 2020 11:34 PM GMT
Kanagasooriyam

Kanagasooriyam

Report

වර්තමාන සමාජ රටාව තුළ, අතට අසුවන ඕනෑම දෙයක් කාලා බඩ පුරව ගන්න මිනිසුන් පුරුදු වෙලා. ඒත් , ඒ විදිහට දීර්ඝ කාලීනව ආහාර ගත්තහම, ඔවුන්ටත් නොදැනීම ස්ථුලතාව ඇතිවන්න පුළුවන්. ඒ වගේ ම, පසුකාලයකදී තමන්ගේ ශරීරය තමන්ට බලන්න බැරි ආකාරයටම වෙනස් විය හැකියි. එසේනම්, සිරුරේ බර පාලනය කර ගැනීමට හැකි වන පරිදි ආහාර ගත යුතු යි.

එහිදී, එළවළු වර්ග, ( පළා වර්ග, ) තන්තුමය ආහාර වන කොහිල, කෙසෙල්බඩ,නිවුඩු හාල්, කුරක්කන්,මෙනේරි, ඕට්ස් ,බඩ ඉරිඟු, පොප් කෝන් සහ රතු මිරිස් , ගම්මිරිස්, සෝයා , දඹල වැනි සිරුරේ බර අඩු කරන ආහාර ගැනීම නුවණට හුරුයි. එයට හේතුව මේ ආහාරවල අඩු කැලරි ප්‍රමාණයක් තිබීමයි. ඒ වගේ ම, මේ ආහාරවල ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් සංඝටක අවම ප්‍රමාණයක් පවතිනවා. මේවායේ කෙඳි (තන්තු ) මඟින් මේදය හා කොලෙස්ටරෝල් අවශෝෂණය අඩු කරන නිසා, ඉහත සඳහන් කළ බර අඩු කරන ආහාර වර්ග අනුභව කළ යුත්තේ අවශ්‍ය ප්‍රමාණයට විතරයි.

බර කිලෝ ග්‍රෑම් 85 ක් හා උස අඩි 5 අඟල් 6 ක් වන කාන්තාවකට උචිත , බර අඩු කරන කෑම වේලක් මෙසේ සඳහන් කරන්න පුළුවන්.

උදය ආහාරය- ඉඳි ආප්ප 5ක් හෝ පාන් පෙති 2ක් හෝ පොල් කුඩුවලින් පිළියෙළ කළ රොටී භාගයක් , පරිප්පු හොදි ග්‍රෑම් 50 ක් , කෙසෙල් ගෙඩියක්

උදේ 10ට- අඩු සිනී සහිත තේ කෝප්පයක්, බනිස් ගෙඩි භාගයක්

දවල්ට හා රාත්‍රියට - බත් අඬු කෝප්ප 2ක්, එළවළු පලතුරු වර්ග 5ක්. එනම්, එළවළු සහ පලතුරු වර්ග 2ක්, දිනකට පරිභෝජනය කරන එළවළු සහ පලතුරුවල( වර්ග 5 ක ) බර ග්‍රෑම් 400 වැඩි විය යුතු ය. ග්‍රෑම් 50 ක මාළු කෑල්ලක්.

සවස 4ට - අඩු සිනී පලතුරු බීම වීදුරුවක්, බිස්කට් 2ක්.

අධික බරකින්, ස්ථුලතාවයෙන් යුතු පුද්ගලයන් කිරෙන් පිසූ ආහාර ගැනීම අනිවාර්යයෙන් ම කළ යුතුයි. එසේ ම, එළවළු තෙල් පරිභෝජනය කිරීමත්, කිරි, මස් හා තෙල් ආහාර වර්ග හැකි තරම් අඩුවෙන් ගැනීමත් සුදුසුයි.