තානාපති සේවයට සුදුස්සන් පත් කළ යුතු බව අස්ගිරි අනුනාහිමියන් කියයි

Asgiriya
By Thaya Feb 07, 2021 08:48 PM GMT
Report

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ රටවල් සඳහා තානාපතිවරුන් පත්කිරීමේදී සුදුස්සන් පත් කළ යුතු බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සදහන් කළේ මහනුවර ප්‍රදේශයේ කොන්සියුලර් කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්. විදේශ අමාත්‍යාංශයට අයත් ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් මහනුවරදී අද විවෘත කෙරුණා. ඒ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. ජිනීවා මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වාර්තාව පිළිබඳව මාධ්‍යවේදීන් මෙහිදී විදේශ අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියා.