සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මේ මස 21 වන දා සිට නිල වශයෙන් ගුවන්තොටුපල විවෘතයි. සංචාරකයන්ටත් නිළ වශයෙන් විවෘතයි.

Airport
By Thaya Jan 06, 2021 04:42 PM GMT
Thaya

Thaya

Report

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මේ මස 21 වන දා සිට නිල වශයෙන් ගුවන්තොටුපල හා සංචාරකයන්ට රට විවෘත කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඒ අනුව මාස 10 කට පසු 21 වන දා සිට කටුනායක සහ මත්තල ගුවන්තොටුපල වානිජ ගුවන් ගමන් සදහා විවෘත කෙරේ.

ජනවාරි 23 වන දින පමණ වන විට ගුවන්තොටුපල වාණිජ ගුවන්ගමන් ක්‍රමානුකූලව යතා තත්ත්වයට පත්වනු ඇතැයි තමන් අපෙක්ෂා කරන බවද ඇමතිවරයා සදහන් කරයි.

සංචාරක ව්‍යාපාරයෙන් මෙරට ලක්ෂ 30 කට ආසන්න පිරිසක් සෘජු හා වක්‍රව යැපෙන බවත් කොවිඩ් වසංගතය හේතුවෙන් මෙම අය ජීවත් වීමට නොහැකිව අන්ත අසරණ තත්වයට පත්ව ඇති බවත් මේ තත්ත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රට සංචාරකයන්ට විවෘත කිරීමට තීරණය කල බවත් ඇමතිවරයා සදහන් කරයි.

සංචාරක හෝටල් කළමණාකරන ආයතනයේ මොණරා උත්සව ශාලාවේදි අද (05) පෙරවරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදි ඇමතිවරයා මේ බව සදහන් කලේය. සංචාරකයන්ට රට විවෘත කිරීමේ නියාමන ව්‍යාපෘතියේ ඉදිරි වැඩ පිලිවෙල පැහැදිලි කිරීම සදහා මෙම සාකච්ඡාව කැදවා තිබුනි.

මෙම මාධ්‍ය හමුවට ගුවන්සේවා හා කාර්මික අපනයන සැකසුම් කලාප රාජ්‍ය අමාත්‍ය ඩි.වී. චානක සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්. හේට්ටිආරච්චි මහතා, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු, අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා විජේරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ

මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කිවේය. ‘‘සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගුවන්තොටුපල සහ රට සංචාරකයන්ට විවෘත කිරීම අද ඊයේ ගත්ත තීන්දුවක් නෙවෙයි. මේ රටේ සංචාරක ව්‍යාපාරයෙන් සෘජුව හා වක්‍රව යැපෙන ලක්ෂ 30 කට ආසන්න පිරිස කොවිඩ් වසංගතය නිසා දැඩි ලෙස පීඩාවට පත්වුනා. සමහර අය පාරවල්වල රොටී විකුණුවා, පොල් විකුණුවා සංචාරක ව්‍යාපාරය නියාමනය කිරීම තමයි සංචාරක සංවර්ධන අධිකාරියට පැවරිලා තියෙන්නේ මෙහි 99% ක්ම පෞද්ගලික අංශයේ දායකත්වයෙන් සිදුවන්නේ ඉතිහාසයේ පළමු වරට අපි සංචාරක ක්ෂේත්‍රයේ නිරතවූවන්ට සහන සැලසුවා එහි ගැටලු අඩුපාඩු තිබෙන්න පුලුවන්.

සංචාරක ව්‍යාපාරයෙන් යැපෙන ලක්ෂ 30 ක පමණ වගකීම තිබෙන නිසා අපි මේ ව්‍යාපාරය කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කළා පසුගිය ජූනි මාසේ තමයි ඊට අදාල ගයිඩ් ලයින් හදන්න සාකච්ඡා පටන් ගත්තේ

කොවිඩ් දෙවැනි රැල්ල නිසා මෙය තරමක් ප්‍රමාද වුනා. දෙසැම්බර් මාසයේදි සෞඛ්‍ය අංශ සමග සංචාරක මාර්ගෝපදේශ සකසලා අපි මේ සදහා නියාමන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කලා ඒ අනුව දෙසැම්බර් 26 ඉදලා විශේෂ ගුවන්යානා මගින් මේ නියාමන ව්‍යාපෘතිය යටතේ සංචාරකයන් ගෙන්වන්න අපි අදාල ආයතනවලට දැනුම් දුන්නා ඒ අනුව සංචාරකයන් ගෙන්වන ආයතන තුනක් රුසියානු කලාපයේ සංචාරකයන් ගෙන්වන්න කැමැත්ත පල කලා ඒ අනුවයි මේ යුක්රේන සංචාරකයන් රටට එන්නේ

ට්‍රැවල් බබල් එකක් විදිහටයි. මේ නියාමන ව්‍යාපෘතියේ පවතින අඩුපාඩු අප හදුනාගෙන තිබෙනවා මේ මාසේ 21 වන දින ඉදලා වානිජ ගුවන්ගමන් සදහා මත්තල සහ කටුනායක ගුවන්තොටුපල විවෘත කරන්න අපි කටයුතු කරනවා. දැනට නියමු ව්‍යාපෘතිය සදහා ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලීන කරනවා.

සංචාරකයන් රටට ගෙන්වන ඕනෑම ආයතනයක් මේ මාර්ගෝපදේශන අනුගමනය කිරීමට බැදී සිටිනවා කිසිවකු ඒ මාර්ගෝපදේශ අනුගමනය නොකලොත් ඔවුන්ට එරෙහිව අපි නිත්‍යානුකූල පියවර ගන්නවා ඒ වගේම ඔවුන්ට සංචාරකයන් දිවයිනට ගෙන්වීම සදහා තවදුරටත් ඉඩ ලබාදෙන්නේ නැහැ. අදාල මාර්ගොපදේශ අපි මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරනවා.

සංචාරකයන්ට PCR පරීක්ෂණ වලින් පස්සේ ඔවුන් නෙගටිව් නම් සංචාරය කළ හැකි ස්ථාන 14 ක් අපි හදුනාගෙන තියෙනවා. මහනුවර දළදා මාලිගාව එක් ස්ථානයක් මේ ස්ථාන දේශීය සංචාරකයන්ට විදේශික සංචාරකයන් පැමිණෙන දිනයන්හිදි වසා දැමීමට අපේ සුදානමක් නැහැ. මේ ස්ථාන අයත් වනජීවි, පුරාවිද්‍යා වගේ ආයතනවලට අපි කියා තිබෙනවා දේශීය සංචාරකයන් සහ විදේශීය සංචාරකයන් මුහු නොවන විදිහට වැඩ පිළිවෙලක් අපිට සකස් කර දෙන්න කියලා දළදා මාලිගාව දැනටමත් ඒ

සදහා වැඩ පිලිවෙලක් සකස් කර තිබෙනවා. ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ සහයත් ඊට ලබා ගන්නවා. සංචාරකයන්ගේ පැමිණීම නිසා දේශීය සංචාරකයන්ට පූජනීය ස්ථාන වහන්න අපේ කිසිම සුදානමක් නෑ. දළදා මාලිගාවට සංචාරකයන් එන එකට මහා සංඝරත්නය විරුද්ධයි නම් අපි ඒ සදහා සංචාරකයන් යොමු කරන්නේ නැහැ. ඒ නිසා කිසිවෙකු මේ සදහා බිය විය යුතු නැහැ අපි උපරිමයෙන් කටයුතු කරන්නේ දේශීය සංචාරකයන් සහ විදේශීය සංචාරකයන් අතර සම්බන්ධයක් ඇතිවීම වැලැක්වීම සදහායි ඒ වගේම මේ පැමිනෙන සංචාරකයන් සමග වැඩ කරන හෝටල් මාර්ගෝපදේශකයන් රියදුරන් වැනි අය ට්‍රැවල් බබල් එකකයි කටයුතු කරන්නේ ඒ නිසා සමාජයට නිරාවරණය වීමක් නැහැ.

Gallery