රටම කම්පා කළ සිදුවීමට නිහඬ විරෝධතාවයක්..වාර්තා කිරීමට ආ මාධ්‍යවේදියෙකුටත් ප්‍රහාරයක්
අද (22) වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට, තණමල්විල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන පාසල් සිසුවියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර පාසල් සිසුන් 17 සහ ඊට අධාර අනුබල දුන් කාන්තාව යළි ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දැරියට සාධාරණයක් ඉල්ලා නිහඬ විරෝධතාවයක් පැවැත්වුණි.
කෙසේ වෙතත්, ඊට ආසන්නයේ කලහකාරීව හැසිරුණු පුද්ගලයෙකු එම විරෝධය වාර්තාකරණය සඳහා පැමිණි මාධ්‍යවේදියෙකුට පහරදීමට උත්සාහ කර තිබුණි.
පසුව එම පුද්ගලයා එම ස්ථානයේ සිටි විරෝධතාකරුවන්ට ද තර්ජනය කර ඇති අතර පොලිස් නිලධාරීන් මැදිහත්ව එම පුද්ගලයා ව එම ස්ථානයෙන් ඉවත් කළ බවයි වාර්තා වන්නේ.