‘දලදා මාලිගාව කුඩුකර දමනවා..’ – 119ට ඇමතුමක්.. මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට..
Temple of the Tooth
By Thaya
මහනුවර ශ්‍රී දළදා මාලිගාව කුඩු කර දමන බව කියමින් පොලිස් හදිසි ඇමතුම් අංකයට දුරකථන ඇමතුමක් දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කරන්නේ මෙම පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකු බවයි.
එම පුද්ගලයා වසර හතරක පමණ කාලයක් ඇමරිකානු විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව හදාරා ඇති බවද හෙළිදරව් වී ඇත.
කෙසේ නමුත් ඔහුගේ මව විසින් පොලිසියට සඳහන් කර ඇත්තේ තම පුත්‍රයා වන සැකකරු රෝගී තත්ත්වයක් හේතුවෙන් වසර 20 ක පමණ කාලයක සිට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා බවයි.
ඒ බව තහවුරු කර ලේඛන ද ඇය විසින් පොලීසියට ඉදිරිපත් කර තිබේ.