ගුරු-විදුහල්පතිවරුන්ට ලැබෙන සහනය මෙන්න.

Ramesh pathirana Teachers and principles salary
By Aruna Jul 27, 2021 05:11 AM GMT
Aruna

Aruna

Report

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමේ පළමු අදියර ඉදිරි අයවැයෙන් ක්‍රියාක්මක කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කරනවා.

වැටුප් විෂමතා මුල් කරගනිමින් ගුරු සහ විදුහල්පතිවරුන් ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ 15 වන දිනටත් ක්‍රියාත්මක කෙරුණා.

සිය වැටුප් විෂමතා ගැටලුව විසඳෙන තෙක් මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි ගුරු වෘත්තීය සමිති ප්‍රකාශ කළේ.

මෙහිදී ඊයේ දිනයේ සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙර පවත්වන ලද පුහුණුවීම් කටයුතු වලින් ද ඉවත්වීමට ගුරුවරුන් තීරණය කළා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now