භාතිය හස්ති රාජයාට අසාධ්‍යයි

Report

මහව වනජීවී නිලධාරීන් පවසන ආකාරයට ඉදිරි දකුණු පාදයේ ආබාධයක් නිසා දැඩි ලෙස රෝගාතුරව සිටින භාතිය හස්තියාගේ තත්ත්වය මේ වන විට බරපතළ බවට වාර්තා වෙයි.

ඒ අනුව භාතිය හස්තියාට ඉක්මන් ප්‍රතිකාර ලබා දීමට පියවර ගන්නා මෙන් පරිසර අමාත්‍යවරයාද උපදෙස් දී ඇති බව සඳහන්.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

ඉකුත් මැයි 20 වන දින සිට ගල්ගමුව අබන්පොල නිකවැරටිය ආශ්‍රිතව ජීවත් වූ වයස අවුරුදු 30ක් පමණවන භාතිය ඇතා මෙසේ පාදයේ ආබාධයකින් පෙළී ඇත.

එය දුටු ගම්වාසීන් එක්ව ඒ පිළිබඳව මහව වනජීවී කාර්යාලය වෙත දැනුවත් කර තිබෙනවා.

ඉන් අනතුරුව මහව වනජීවී නිලධාරීන් සිදු කළ නිරීක්ෂණයේදී හෙළිව ඇත්තේ වෙඩි තැබීමකින් භාතිය හස්තියාගේ ඉදිරි දකුණු පාදයේ සිදුවූ ආබාධයක් නිසා ඇතා දැඩි ලෙස රෝගාතුරව සිටින බවයි.

මේ තත්ත්වය මත කීප විටකදීම මහව වනජීවි නිලධාරීන් හා නිකවැරටිය පශුවෛද්‍ය නිලධාරීන් එක්ව ඇතාව නිර්වින්දනය කර ප්‍රතිකාර සහ ප්‍රතිජීවක ඖෂධ ලබා දී ඇත.

පුද්ගලයන් 18 කට තුවාල කරමින් ගුවන් යානයක් හදිසියේ ගිනිගයි

පුද්ගලයන් 18 කට තුවාල කරමින් ගුවන් යානයක් හදිසියේ ගිනිගයි

එහෙත් භාතිය ඇතාට තම හොඬවැලෙන් ආහාර ලබා ගැනීමේ අපහසුතාවක්ද මතුවූ අතර එහිදී වනජීවී නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් ඇතාට ආහාර ලබා දී තිබෙනවා.

එසේ වුවද දිනෙන් දින ඇතාගේ සෞඛ්‍ය පිරිහෙමින් පැවති අතර මේ වන විට එය වඩාත් නරක අතට පත්ව ඇති බව පවසයි.

මර්වින් පස් කයි, අනේ ආය නම් හිරේ යන්න බෑ දෙයියනේ ආයේ මොකුත්ම කරන් නෑ

මර්වින් පස් කයි, අනේ ආය නම් හිරේ යන්න බෑ දෙයියනේ ආයේ මොකුත්ම කරන් නෑ

එසේම ඊයේ දින ඇතාගේ වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරීමට පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන් පැමිණ තිබුණා.

එහිදී උපදෙස් ලැබී ඇත්තේ ඇතාගේ රුධිර සාම්පල ලබාගෙන එම පරීක්ෂණ වාර්තා සහ ස්කෑන් පරීක්ෂණ පදනම් කරගෙන ඉක්මන් ප්‍රතිකාර සිදු කරන ලෙස‍යි.

මානව හිමිකම් කොමිෂන් නිර්දේශවලට රාජ්‍ය නිලධාරීන්ට අභියාචනා කිරීම තහනම්

මානව හිමිකම් කොමිෂන් නිර්දේශවලට රාජ්‍ය නිලධාරීන්ට අභියාචනා කිරීම තහනම්