දුම්රියට රුපියල් එක්කෝටි හැටඑක් ලක්ෂ දහතුන්දහස් හයසියයක බදු ආදායමක් ..

Train
By Thaya Apr 01, 2021 08:28 PM GMT
Report

කොටුව මහජන බැංකුව මුලස්ථානයට බදු ලබා දුන් දුම්රිය රක්ෂිතයේ ඉඩමකට 2018 වසරේ සිට මේ වසරේ (2021) දෙසම්බර් මාසය සදහාවු රුපියල් එක්කෝටි හැටඑක් ලක්ෂ දහතුන් දාස් හයසියයක හිග බදු මුදල අද(01) දිනයේ අයකර ගැනීමට සමත්වු බව කොටුුව දුම්රිිය ආරක්ෂක සේවය පවසයි.

දුම්රිය රක්ෂිතයට අයත් අදාල ඉඩම මහජන බැංකුවට කාලයක් තිස්සේ බදු වශයෙන් ලබා දී තිබුවත් 2018 වසරේ සිට මෙතෙක් බදු මුදල් ගෙවා නොතිබිණ.දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත අදාල බදු මුදල නොගෙවන්නේනම් වහාම නීිති මගින් කටයුතු කිරීමට දුම්රිය ආරක්ෂක නිලධාරීන්හට උපදෙස් ලබා දී තිබේ. එම උපදෙස් වලට අනුව දුම්රිය ආරක්ෂක සේවයේ උප පරීක්ෂක ලයනල් ආනන්ද මහතා මහජන බැංකු මුලස්ථානයට ගොස් අදාල හිග මුදල සම්බන්ධයෙන් විෂය භාර නිලධාරියා දැණුවත් කර තිබේ. එහිදී හිග මුදල් දුම්රිය දෙපාර්තුමේන්තුවට නොගෙවන්නේ නම් නීති මගින් කටයුතු කිරීමට සිදුවන බව දන්වා ඇත.. මහජන බැංකුවේ අදාල විෂය භාර නිලධාරියා ඒ මොහොතේම හිග මුදල වන රුපියල් එක්කෝටි හැටඑක්ලක්ෂ දහතුන්දාස් හයසියයක මුදල අංක 260466 දරණ චෙක්පතකින් ලබාදුන් බව කොටුව දුම්රිය ආරක්ෂක සේවාවේ කාර්යභාර නිලධාරී එස්.කේ.එන් කරුණානායක මහතා පවසයි. වසර ගණනාවකට පසු දුම්රිිය ඉඩම් බදු දීමෙන් මෙවැනි මුදලක් කිසිදු කරදරයක් නොමැතිව ලබාගත් ප්‍රථම අවස්ථාව මෙය බවත් එසේ ලැබුණු බදු මුදල් චෙක්පත දුම්රිය දෙපාර්තුමේන්තුවේ ඉඩම් අංශයට අද දහවල් බාරදුන් බවද කරුණානායක මහතා වැඩි දුරටත් පැවසුවේය.