දෙමළ ජනතාවට දේශපාලනික විසඳුමක් ඉල්ලා රජයට බල කරයි.. දෙමල පක්‍ෂ උතුරේ එක්වේ…

Government
By Thaya Feb 16, 2021 07:02 PM GMT
Thaya

Thaya

Report

දෙමළ ජනතාවට ඇතිව තිබෙන ගැටලු සඳහා විසඳුම් ලබාගැනීම උදෙසා දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් නායකයින් පිරිසක් විසින් 14 සවස යාපනයේ නල්ලූර් මාර් ගයේ පිහිටි පෞද්ගලික හෝටලය විශේෂ හමුවක් පවත්වනු ලැබීය. දෙමළ ජාතික සන්ධානයේ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා, දෙමළ ජනතා සන්ධානය නියෝජනය කරමින් සුරේස් ප්‍රේමචන්ද්‍රන්, එම්.කේ සිවාජිලිංගම්, ඊල තමිල් පක්ෂය නියෝජනය කරමින් ආනන්දි ශෂිධරන් ඇතුලු පක්ෂ නියෝජිතයින් රැසක් මෙම හමුවට සහභාගී වී සිටියහ.

වත්මන් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටලු වූ ඉඩම් ගැටලු, පුරාවිද්‍යා කැනීම් , අතුරුදහන් වූ ඥාතීන්ගේගැටලු ඇතුලු ප්‍රධාන කරුනු කිහිපයක් මුල්කරගනිමින් මෙම සාකච්ඡාව පවත්වනු ලැබීය. එහිදී උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට මෙතෙක් විසඳී නොමැති මෙම ගැටලු වෙනුවෙන් ඉදිරියේදී රජයට බල කරමින් දේශපාලනික විසඳුමක් ලබා දීම සම්බන්ධයෙන් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කරනු ලැබීය.