තබ්බෝව /රාජාංගනය/ දැදුරුඔය වාන් දොරටු ඇරේ
Rajanganaya
Tabbowa
Deduru
oya
By Thaya
තබ්බෝව,රාජාංගනය සහ දැදුරුඔය ජලාශ වල වාන් දොරටු මේ වන විට විවෘත කර ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය පවසනවා.
ඒ අනුව තබ්බෝව ජලාශයේ වාන් දොරටු 4 ක් / රාජාංගනය ජලාශයේ වාන් දොරටු 12 ක් / ද මෙලෙස විවෘත කර ඇති බවයි නිව්ස් රේඩියෝ වාර්තාකරු සදහන් කළේ.
වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් කලාඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර පුත්තලමේ සිට එළුවන්කුලම හරහා මන්නාරම දක්වා වන මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වී ඇතැයි සදහන්.
කලාඔය ගලා යන සපත්තු පාලම අසල ස්ථාපනය කර තිබූ නාවුක හමුදා කදවුරද මේ වන විට ඉවත් කර තිබෙනවා.