කතෝලික දේවස්ථානයක් අසලින් සැකසහිත යුවලක්...පැමිණි හේතුව නොදනී.

Police
By Thaya Mar 16, 2021 06:11 PM GMT
Thaya

Thaya

Report

වත්තල හේකිත්ත පාරේ කතෝලික දේවස්ථානයක් ආසන්නයේ සැකකටයුතු අන්දමින් හැසිරුණු මුස්ලිම් ජාතික අඹුසැමි යුවලක් වත්තල පොලීසිය විසින් ඊයේ දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම යුවල මූතූර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි හඳුනාගෙන ඇත්තේ. අත්අඩංගුවට ගන්නා විට ඔවුන් සතුව ජාතික හැඳුනුම්පත හෝ වෙනත් කිසිවක් තිබී නොමැති බවයි වාර්තා වන්නේ.

මොවුන් කොළඹට පැමිණියේ කුමන හේතුවක් නිසාද යන්න පැහැදිලි කිරීමටවත් ඔවුන්ට හැකියාවක් ලැබී නෑ.

රාජ්‍ය බුද්ධි අංශය සහ ත්‍රස්තවාදී විමර්ශන ඒකකයේ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සඳහා යොදවා ඇති බවයි වාර්තා වන්නේ.