පොල් තෙල් ලීටර 20,000 සහිත සැකකටයුතු බවුසරයක් තවත් ප්‍රදේශයකදී හසුවේ.

Coconut Oil
By Thaya Apr 02, 2021 08:20 PM GMT
Thaya

Thaya

Report

පොල් තෙල් ලීටර් විසි දහසක් අඩංගු සැකකටයුතු පොල් තෙල් බවුසරයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දඹුල්ල නගරාධිපති වරයා සඳහන් කරන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල ගබඩාවක තිබූ මෙම පොල්තෙල් බවුසරයේ රියදුරු සහ ගබඩා භාරකරු සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම පොල්තෙල් සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතය.