අත්හිටවු ගනුදෙනු යලි ආරම්භ කලත් නොසිතු පසුබෑමක්...යලිත් අත්හිටුවයි
තාවකාලිකව අත්හිටවූ කොළඹ කොටස් වෙළඳපොල ගනුදෙනු යලි ආරම්භ කර තිබෙනවා. නමුත් එහි ගනුදෙනු තවදුරටත් විශාල පසු බෑමට ලක්වීම විශේෂිතයි . කොළඹ කොටස් වෙළඳපොල අද දවසේ ගණුදෙනු ආරම්භ කර කෙටි කාලය තුල සුළු ඉහල යාමක් පෙන්නුම් කලද ගණුදෙනු ආරම්භ කර විනාඩි 45ක් පමණ යන විට විශාල පසු බෑමක් වාර්තා කළා. ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක -500.29 ක් වශයෙන් දැවැන්ත පසු බෑමකට ලක් වුනා. එය සියයට 6.47% ක කඩා වැටීමක් . සමස්ත කොටස් මිල දර්ශකය 7,232.14 දක්වා බිඳ වැටුනා. අත්හිටවූ කොළඹ කොටස් වෙළඳ පොළ කටයුතු විනාඩි 30ට පසු යලි ආරම්භ කෙරුනද එහිදී ඇති වූ නොසිතු පසු බම හේතුවෙන් තවත් විනාඩි 30ට යලි අත්හිටුවා තිබෙනවා.
------------------------
කොළඹ කොටස් වෙළඳපොළ දැවැන්ත පසු බෑමක... ගනුදෙනු අත්හිටුවයි
දැවැන්ත කඩා වැටීම හමුවේ කොළඹ කොටස් වෙළඳපොල ගනුදෙනු විනාඩි 30කට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
-----------------
කොළඹ කොටස් වෙළඳපොල අද දවසේ ගණුදෙනු ආරම්භ කර කෙටි කාලය තුල සුළු ඉහල යාමක් පෙන්නුම් කලද ගණුදෙනු ආරම්භ කර විනාඩි 45ක් පමණ යන විට විශාල පසු බෑමක් වාර්තා කළා. ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 337.00 ක් වශයෙන් දැවැන්ත පසු බෑමකට ලක් වුනා. එය සියයට 4.36 ක කඩා වැටීමක් . සමස්ත කොටස් මිල දර්ශකය 7,395.43 දක්වා බිඳ වැටුනා.