16 හැවිරිදි දැරියක දූෂණය කළ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයාට දුන්නු පුදුම හිතෙන දඬුවම

raped university girl ratnapura
By Thaya Dec 25, 2020 11:25 AM GMT
Thaya

Thaya

Report

දහසය හැවිරිදි දැරියක දූෂණය කළ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකුට බරපතළ වැඩ සහිත පහළොස් අවුරුදු සිරදඬුවමක් නියම කළ රත්නපුර මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා රුපියල් විසිපන්දහසක දඩයක් සහ රුපියල් ලක්‍ෂ පහක වන්දියක්ද දැරියට ගෙවන ලෙස නියම කළේය.

මෙසේ සිරදඬුවම් නියම කෙරුණේ සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි විෂය සම්බන්ධ කථිකාචාර්යවරයකු ලෙස සේවය කළ එම්. කිත්සිරි හෙවක්කොඩි යන අයටය

දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස හයක සිරදඬුවමක්ද, වන්දිය නොගෙවන්නේ නම් තවත් වසරක සිරදඬුවමක්ද විත්තිකරුට නියම විය. සියලු දඬුවම් වෙන වෙනම ගෙවී යායුතු යැයිද තීන්දුවේ සඳහන් වෙයි.

වර්ෂ 2007 මැයි මාසයේ 1 වැනි දින හා එම වසරේම ඔක්තෝබර් 31 යන දින අතරදී 16 හැවිරිදි දැරියක දූෂණය කිරීම විත්තිකරුට එරෙහි අධි චෝදනා ගොනු කෙරුණි.

නීතිපතිවරයා විසින් විත්තිකරුට අධි චෝදනා බාරදී තිබුණි. අධි චෝදනාවලට විත්තිකරු නිවැරැදිකරු බව ප්‍රකාශ කිරීමෙන් පසු මීට තුන් වසරකට පෙර මෙම නඩු විභාගය ඇරැඹිණි. දීර්ඝ නඩු විභාගයකින් පසු තීන්දුව ප්‍රකාශයට පත්කිරීම පසුගියදා සිදුවිය.

තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් විත්තිකරු හෘදයාබාධයකින් පෙළෙන, එක් අතක්ද අප්‍රාණික තත්ත්වයෙන් පසුවන නිසා ලිහිල් සිරදඬුවමක් නියම කරන ලෙස විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේය.

පැමිණිල්ල මෙහෙයවූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ අග්බෝ පණ්ඩිතරත්න මහතා විත්තියේ නීතිඥවරයාගේ ඉල්ලීමට විරෝධය පළ කරමින්, විත්තිකරු වගකීම් සහිත තනතුරක් දරමින් ක්‍රියා කළ පුද්ගලයකු නිසා දිය හැකි උපරිම දඬුවම් දෙන්නැයි ඉල්ලා සිටියේය.

16 හැවිරිදි දැරියක දූෂණය කිරීම බරපතළ වරදක් බැවින් එවැනි පුද්ගලයකුට දෙන දඬුවම කිසිසේත් ලිහිල් එකක් නොවිය යුතු අතර, එය සමාජයට ආදර්ශයක් විය යුතු බව පිටු 220කින් යුතු තීන්දුව දීමට හේතු පැය හතරක් තිස්සේ විනිසුරුවරයා පැහැදිලි කළේය.

අනතුරුව චෝදනාවලට විත්තිකරු වරදකරු කර ඉහත දඬුවම නියම කළේය.