සුරකිමු ගංඟා ව්‍යාපෘතිය ජනපති අතින් කතරගමදී ...
සුරකිමු ගංඟා ව්‍යාපෘතිය ජනාධිපපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 22 දින කතරගම මැණික් නදිය අසළින් ආරම්භ කිරීමට තීරණය කෙරේ. මෙම වැඩ සටහන යටතේ පරිසර අමාත්‍යංශය මගින් දැනට ගංඟා 103 ක් පවිත්‍ර කිරීම ට නියමිතය . මෙයට සමගාමී කතරගම පූජා භූමියේ පොලිතින් මල්මාලා වෙනුවට ස්වාභාවික මල්වලින් හා තෙල් කඩදාසි වලින් සැකසූ මල්මාලා භාවිතා කිරීම අනිවාර්ය කිරීමට තීරණය කරන බවද පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
මේ සම්බන්ධව සාකච්ඡාවක් පසුගිය සෙනසුරාදා (06) කතරගම අභිනවාරාමයේ දී පැවැත්විනි. අභිනවාරාමාධීපති පුජ්‍ය කපුගම සරණතිස්ස හිමි, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, මධ්‍යම පරිසර අධිකාරිය, කතරගම දියවඩන නිළමේ, කතරගම නගර සභාව, ආරක්ෂක අංශ ඇතුළු නිලධාරිහු පිරිසක් ඊට සහභාගි වුහ. වාර්ෂිකව කතරගම පුදබිමට පැමිණෙන භක්තිමතුන් ප්‍රමාණය මිලියන 03ක් පමණ වන අතර ඔවුන් විසින් බාරහාර සඳහා භාවිතා කිරීමට මිල දී ගන්නා පොලිතීන්
මලා මාලා ප්‍රමාණය වාර්ෂිකව ලක්ෂ 10 ඉක්මවයි. අවම වශයෙන් පොලිතීන් මල්මාලාවලින් කතරගම පූජා භූමියට වාර්ෂිකව මුදා හරින පොලිතීන් ප්‍රමාණය කිලෝග්‍රෑම් 20,000ක් පමණ වන බව කතරගම නගර සභාව පෙන්වා දුන්නේය. මේ අනුව පුජා සඳහා භාවිතා කරන එම පොලිතීන්මල්මාලා බරපතල පාරිසරික ගැටළුවක් වන හෙයින් පොලිතීන් මල් මාලා වෙනුවට ස්වාභාවික මල්වලින් සහ තෙල් කඩදාසිවලින් සකසන ලද මල් මාලා අලෙවිය අනිවාර්ය කිරීමට පියවර ගන්නා බවත්, එම ව්‍යාපෘතිය මෙම මස 22 දින සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
පොලිතීන් මල් මාලා සැකසීමේ කර්මාන්තයෙහි එම ප්‍ර දේශයේ පවුල් 300ක් පමණ යෙදී සිටින අතර එම පවුල් මෙම ස්වාභාවික මල් හා තෙල් කඩදාසි උපයෝගී කර ගනිමින් මල්මාලා සැකසීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම හා ඊට අවශ්‍ය සම්පත් ලබා දීමට පියවර ගන්නා බව මෙහිදී අවධාරණය විය. එමෙන්ම මැණික් ගඟේ ඉහළ කොටසේ සිදු කෙරෙන අනවසර වැලි ගොඩදැමීම් හා ගොඩ වැලි සේදීම් නිසා එම ගඟේ පහළ කොටසේ ජලය සම්පුර්ණයෙන්ම බොර වී ඇති හෙයින් අනවසර වැලි ගොඩදැමිම හා වැලි සේදීම සිදු කරන අය අත්අඩංගුවට ගෙන නීතිය අනුව කටයුතු කරන්නැයි අමාත්‍යවරයා ආරක්ෂක අංශවලට උපදෙස් දුන්නේය.
සුරකිමු ගංගා යටතේ කතරගම නගරය මුලුමනින්ම පරිසර හිතකාමී හරිත නගරයක් වශයෙන් සංවර්ධනය කිරීමටත්, මැණීක් ගඟ දෙපස කුඹුක් පැල රෝපණය කර එම ගඟ ආරක්ෂිත ගංගාවක් බවට පත් කිරීමටත්, මිනිසුන්ට පමණක් නොව යාල අභයභූමිය මැදින් ගලන මෙම ගඟේ ජලය වනසතුන්ට ද උපයෝගී කර ගත හැකි වන අයුරින් සංරක්ෂණය කිරීමටත් තීරණය කරන ලදී. මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ බම්බලපිටියේ හින්දු කෝවිල් සඳහා අවශ්‍ය මල්මාලා ගෙන්වනු ලබන්නේ ඉන්දියාවේ සිට බවයි. මේ නිසා වාර්ෂීකව ඉන්දියාවට ඇදී යන විදෙශ විනිමය ප්‍රමාණය මේ රටේ ම ඉතිරි කර ගත හැකි වන අයුරින් ස්වාභාවික මල් වගාව සඳහා අපේ රටේ ගම්මාන කිහිපයක ජනතාව උනන්දු කර ඔවුන් විසින් වගා කරන මල්වලින් මල්මාලා සැකසීමේ කර්මාන්තය පුළුල් කර ගත හැකි බව ද කීය.
ඉන්දියාව විසින් වගා කරන මල් යුරෝපයේ රටවල් මෙන්ම ඇමරිකානු රටවල් විශාල ප්‍රමාණයකට අපනයනය කිරීම මගින් ඉන්දියාව වාර්ෂිකව විශාල ආදායමක් උපයයි. අපේ රටේත් මල් වගාව සිදු කළත් එය තවමත් විදේශ වෙළෙඳ පොළ ජයගැනීමට තරම් ශක්තිමත් තත්ත්වයකට පත්ව නැතැයි අමාත්‍යවරයා කීය.
