විපක්ෂෙට අපි ඇඬෙන්න දීලා තියෙනවා බලන්න අපේ කථිකයන්ගේ කතාවල හරය - මාලිමාවේ ගුණ වයන වටගල
ජාතික ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම සමග විපක්ෂයට හැරෙන්නවත් නොහැකි බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,
“විපක්ෂයට අපේ ක්‍රියාවලිය ඇතුළේ ඇඬෙන්න දීලා තියෙනවා අපි. සුනිල් වටගල තනි මිනිහෙක් වුණාට, අපේ 159 කණ්ඩායමක්. ජනාධිපතිතුමා ඊට ඉහළින් ඉන්නවා. එතුමා අපට නිසි මග පෙන්වීම කරනවා. අපි වැඩ කරන්නේ ජාතික ජන බලවේග කණ්ඩායම විදිහට. අරගොල්ලන්ට හැරෙන්නවත් බෑ. පාර්ලිමේන්තුව ඇතුළේ වගකීම අපට බිමල් රත්නායක සහෝදරයා දෙනවා. අපි ඒ අනුව ගිහින් වැඩේ කරනවා. බලන්න අපේ කථිකයන්ගේ කතාවල තියෙන හරයාත්මකභාවය. ඉස්සර ලක්ෂ්මන් කදිගාමර් වගේ පක්ෂ විපක්ෂ හැමෝම අගය කළ අතළොස්සක් පාර්ලිමේන්තුවේ හිටියා. අපි එවැනි හරයාත්මක තැනකට මේක දවසින් දවස ගේනවා.” යනුවෙන්.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූවේ පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින්.