සුමන්දිරන්ගේ ප්‍රකාශය දෙමළ ජනතාව පාවා දීමක්…! යුද්ධයේ දී කීප දෙනෙකු හෝ ජන සංහාරයට ලක් වුණා…!

Tamil
By Thaya Apr 06, 2021 05:45 PM GMT
Thaya

Thaya

Report

යුද සමයේ දී උතුරේ ජන සංහාරයක් සිදු වූ බවට සාක්කි නොමැති බවට දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්තිරන් කරණු ලබන ප‍්‍රකාශ දෙමළ ජාතිද්‍රෝහී ප‍්‍රකාශ යැයි එම්.කේ. ශිවාජිලිංගම් පවසයි. පසුගිය 04 වෙනිදා යාපනයේ මාධ්‍ය සංගම් ශාලාවේ පැවැති මාධ්‍ය හමුවක දී මේ බව කියා සිටි ශිවාජිලිංගම්, දෙමළ ජාතික සන්ධානයට දෙමළ ජනතාවගෙන් විවිධ චෝදනා එල්ල වන විට ඔවුන් කුමක් හෝ ප‍්‍රකාශ කිරීම දෙමළ ජනයා තවත් අසරණ කිරීමක් බවද කියා සිටියේය. ජිනීවා මානව හිමිකම් කමිටුවේදී මහ කොමසාරිස්වරයා උතුරේ ජන සංහාරයක් සිදු වූයේදැයි විමසූ අවස්ථාවේදී සුමන්තිරන් මන්ත‍්‍රීවරයා එය එසේ පිළිගනු ලැබූවත් මඩකලපුවේ දී දෙමළ මාධ්‍ය අමතමින් ඔහු පවසන්නේ ජන සංහාරයක් සිදු වූ බවට සාක්කි නොමැති බව ය.

දෙමළ ජනයාගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානය ඇතුළු දෙමළ දේශපාලන පක්ෂ විසින් ගෙන යන අරගලය සුමන්තිරන් විසින් පාවා දෙන බවත් ඔහුට එරෙහිව චෝදනා රැසක් ඇති බවත් කී ශිවාජිලිංගම් ඔහු දෙමළ ජනයා පාවා දෙමින් පසුගිය රජයෙන් වරප‍්‍රසාද රැසක්ම ලබා ගෙන ඇති බවද කියා සිටියේය. යුද්ධයේදී දෙමළ වැසියන් මිලියන ගණනක් මිය ගිය බවට කතාවක් නැතත් කීප දෙනෙකු හෝ ජන සංහාරයකට ලක් වූ බවට අවශ්‍ය පමණට සාක්කි ඇති බව ශිවාජිලිංගම් මේ මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.