කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින් ‍රටටම ඇහෙන සුබ ආරංචිය මෙන්න

Report

ඉකුත් වසරවලට සාපේක්ෂව කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින් වාර්තා වූ සිය දිවි නසාගැනීමේ සිදුවීම් සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

ඒ අනුව කොළඹ ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක කාර්යාලයේ හදිසි මරණ පරීක්ෂක අෂ්රෆ් රූමි පවසා ඇත්තේ මේ වනවිට සිය දිවි නසාගැනීමේ සිදුවීමක් වාර්තා වන්නේ මාස තුනකට පමණ වතාවක් පමණක් බවයි.

එමෙන්ම ඉකුත් වසරවලට සාපේක්ෂව කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින් වාර්තා වූ සිය දිවි නසාගැනීමේ සිදුවීම් සංඛ්‍යාවේ අඩුවීමක් ද දක්නට ලැබෙන බව වාර්තා වේ.

හෙටයි අනිද්දයි කොළඹ එන අයට සුබ ආරංචියක්

හෙටයි අනිද්දයි කොළඹ එන අයට සුබ ආරංචියක්

එසේම ඉකුත් වසර දෙකේදි මාසයකට සිය දිවි නසාගැනිමේ සිදුවීම් පහක් පමණ වාර්තා වී ඇත.

එහෙත් මේ වනවිට සියදිවි නසැගැනීමේ සිදුවීම් අඩුවි ඇති අතර එය ඉතා හොඳ තත්ත්වයක් බවද හදිසි මරණ පරික්ෂකවරයා පවසා ඇත.

ඉකුත් වසරවල දත්ත පිරික්සීමේදී හෙළිවන්නේ වසරකට මෙරට පුද්ගලයින් හාරදහසක් පමණක කුමන හෝ හේතුවක් මත සිය දිවි නසා ගන්නා බවත් සෑම තත්ත්පර හතළිහකට වරක් ලෝකයේ එක් පුද්ගලයකු සිය දිවි නසා ගන්නා බවත්ය.

පොල් ගැන නරක ආරංචියක් - තව මාස හයකින් ලංකාවම අමාරුවේ

පොල් ගැන නරක ආරංචියක් - තව මාස හයකින් ලංකාවම අමාරුවේ

විශේෂයෙන්ම එහිදී අවුරුදු 15 - 40 අතර වයස් කාණ්ඩයේ පුද්ගලයින් වැඩි වශයෙන් සියදිවි නසාගන්නා බවද සමීක්ෂණවලින් අනාවරණය වී ඇත.

එමෙන්ම ඉකුත් වසර කිහිපයේදී අවුරුදු 13-15ත් සහ 16 - 17 අතර වයස් කාණ්ඩවල පාසල් සිසුන් පිරිසක් ඉලක්ක කරගනිමින් සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ ඉන් 15.4% පිරිසක් සියදිවි නසා ගැනීමට උත්සාහා කර ඇති බවත් දරුවන් 9.6% පිරිසක් සියදිවි නසා ගෙන ඇති බවත්ය.

පාසල් නැවත ආරම්භ කරන දිනය ගැන දැනුම්දීමක්

පාසල් නැවත ආරම්භ කරන දිනය ගැන දැනුම්දීමක්