වතු නිවාස රැසක හදිසියේම ගින්නක්

Fire
By Thaya Mar 17, 2021 07:18 PM GMT
Thaya

Thaya

Report

මස්කෙළිය පොලිස් වසමේ බ්‍රවුන්ස්වික් වතුයායට අයත් ක්වින්ස්ලැන්ඩ් කොටසේ වතු නිවාස පෙළක අද (17) දහවල් හටගත් ගින්නකින් නිවාස 20 ක් පමණ විනාශ වී තිබේ. මස්කෙළිය පොලීසිය පැවසුවේ (17) එක් නිවසක හටගත් ගින්නක් එලෙස සෙසු නිවාසවලට පැතිරගොස් ඇති බවය. ගින්න හේතුවෙන් පවුල් 20කට අයත් සමාජිකයන් 60 දෙනෙකු පමණ අවතැන් වී ඇත. මස්කෙළිය පොලීසිය, යුද හමුදාව සහ වතු කම්කරුවන් එක්ව ගින්න පාලනය කිරීමට පියවරගෙන තිබුණි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.